සියල්ල තතු සේ දත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට පමණයි ‌ලෝක විෂය සියල්ලෙන් සියල්ල අවබෝධ කර ගෙන විග්‍රහ කර දීය හැකි වන්නේ.  නමුත් නිවන් මඟට ඒ සියලු කාරණා අවශ්‍ය නොවන හෙයින් ඒ දහම් අපට විග්‍රහ කර දෙන්නට උන්වහන්සේ උත්සාහවන්ත වන්නේ නෑ.  යම් යම් අවස්ථා වලදී මේ ‌පැවැත්ම වටහා ගැනීමට අවශ්‍ය කරන කාරණා වශයෙන් සම්බුදු රඳුන් ගෙන හැර දැක්වූ යම් යම් විග්‍රහයන් ඇසුරෙන් මේ අනන්ත වූ ලෝක විෂය අවබෝධ කර ගැනීමට අපත් උත්සාහ කරමු!  වචන පද ඉක්මවා අදහස ම අවබෝධ වෙත්වා!!! තෙරුවනේ ගුණයට ම නැමී නැණවත්ව දහම් විමසත්වා!!!