ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් යැයි පවසමින්, ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කිරීම... ගැරහීම මේ වන විට ප්‍රකට කාරණයක් ලෙසින් දැක ගන්නට තිබෙනවා.  නමුත් උත්තරීතර ශාසනයක පමණක් සිදු කර ගත හැකි ආමිස පූජාව තුල සැඟවුනු ප්‍රතිපත්ති පූජාව අවබෝධ කර නොගත හොත් අපට නිවන් මඟ පමණක් නොවේ ශාසනයම මඟ හැරීම සිදු විය හැකියි.  මේ අනතුර අවබෝධ කර ගෙන ප්‍රතිපත්ති පූජාව නැණවත්ව සිදු කර ගැනීමට ආමිස පූජාවේ නිවන් මඟ විවර කර ගැනීමට උපකාර වන දේශනා එකතුවකි!  නැණවත්ව විමසා යහපත සලසා ගනිත්වා!!!