නිවනට මඟ

මේ ගැනත් සිතන්න!

වසර 3 කට පමණ පෙර

මේ ගැනත් සිතන්න! ලිපියේ සාරාංශය "ඕඝ තරණය" භාවනා වැඩසටහනේදි භාවනාවට අත්වැලක් සැපයීමේ අරමුණින් බෙදා දුන් පොත් පිංචේ "සත්ධර්ම මාර්ගය වැඩීමේදී මේ ගැනත් මඳක් සිතන්න" යන මාතෘකා ඇතිව සටහන් තැබූ දහම් සටහනයි!
  • කිසිවිට කිසිවෙක් පුද්ගලමය වශයෙන් විවේචනය නොකරන්න.
  • අන් පුද්ගලයෙකුගේ යම් වරදක් ප්‍රමාද දෝෂයක් දුටුයේ නම් ඔහු හෝ ඇය කළණ මිතුරෙකු නම් එම වරද පෙන්වා දෙමින් එම පුද්ගලයා විවේචනය නොකර වරද වරද ‌ලෙස දැන ඒ වරද තමා තුළින් සිදු නොවීමට වග බලා ගන්න.
  • යමෙකුට ඔබ අවවාදයක් දෙන්නේ නම් එම අවවාදය තමා තුළින් ප්‍රථමයෙන් ආදර්ශයට නගා ක්‍රියාත්මක කරන්න. (ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට)
  • ස්ව විමුක්තිය තමාට තමා පිහිට කර ගනිමින් සොයා ගත යුත්තක් මිස කිසිදු බාහිර දෙයකින් එය සාක්ෂාත් කළ නොහැකි බව තරයේ සිහි තබා ගන්න.
  • නිරන්තරව ශාස්තෘ ධර්මය - විනය ගුරු කර ගන්න.
  • ගුණ ධර්මයන් කෙරෙහි අවනත වන්න.
  • අන්‍යන්ට තමන්ගේ දියුණුව පෙන්වීමට හදිසි ‌නොවන්න.
  • නිහඬව කළබල නැතිව ඉවසීමෙන් විමසීමෙන් යුතුව කටයුතු කරන්න.
  • ප්‍රායෝගික මිනිසෙකු ලෙස ජීවත් වී සංසාර සයුරෙන් එතෙර වන මඟ තමා තුළින් සාක්ෂාත් කර ගන්න. 

ඔබට නිවනම වෙත්වා!!!


මෙම ලිපිය බෙදා ගන්න

~ තවත් ලිපි කියවන්න ~