උතුම් තෙරුවන නොමැති නම් අපට මේ ඕඝය තරණය කල නොහැක්කේමය! උතුම් තෙරුවන නොමැති නම් අපට මේ අනාථ බවින් මිදීමක් නොමැත්තේමය! උතුම් තෙරුවන නොමැති නම් අපට මේ අනන්තර සසර දුක් කෙලවරක් කල නොහැක්කේමය! එවන් උතුම් තෙරුවනක සෙවණ ලද අප භාග්‍යවන්තයෝය! එවන් වූ උත්තරීතර තෙරුවනට හැකි සෑම විටක දීම උපහාර දක්වමු! වචන පද ඉක්මවා අදහස ම අවබෝධ වෙත්වා!!! තෙරුවනේ ගුණයට ම නැමී සිටිත්වා!!!