දම් සිතිවිලි

ඔබව විමසන්න!

වසර 3 කට පමණ පෙර

ඔබව විමසන්න! ලිපියේ සාරාංශය අන්තර්ජාලය ඇසුරු කරන විට සිතට නැඟුන දම් සිතිවිල්ලක්...

මේ වන විට ලෝකයට වෙනදාට වඩා ධර්මයේ අවශ්‍යතාව ප්‍රබලව දැනෙමින් පවති.  විද්‍යාඥයන් සහ සමාජ විශ්ලේෂකයන්ට අනුව 21 සියවසේ ලොව ඇති අපහසුම කාරණය වන්නේ දුක කුමක් ද යන්න වටහා ගැනීමයි....

බොහෝ මිනිසුන්ට මෙන්ම මටද සිදුවන දෙය නම් සෑම අවස්තාවකම අවස්තා භංග වීම, බිඳෙන පෙරලෙන ස්වභාවය අපිම වීමයි.  එක දිගට සිදුවන මේ සිදුවීම් සමුහය අප මුහුණපා සිටින අනිවාර්ය අභියෝගයකි... එය හදුනා ගැනීම පිලිබදව පුද්ගලිකව අප සැවොම සිටිනුයේ ඉතා පසුගාමීවය.  සමාජ සංස්තාව ගැන කවර කතාද.

මට දැනෙන ආකාරයට ලෝකයේ මතවාදී ගැටුම් සමූහය තුල නිමග්න මානවයාට මේ පිලිබද ඇත්තේ කිසිදු අදහසක් නොමැති ස්වභාවයකි. එය දිනෙන් දින ශක්තිමත් වේ.  යම් කාලයක ඔබ වෛද්‍යවරයෙක්, සාත්තු සේවකයෙක්, රෝගියෙක් හෝ නැතිනම් බුදු දහම කියා දෙන කෙනෙකු හෝ විය හැකිය.  නමුත් දැන් ක්‍රමයෙන් අපේ ජිවිත පිලිබද කායික මානසික සුවපත් භාවය වගකීම යාන්ත්‍රික වෙමින් පවති.  ඒ තත්වය තුල ඇත්තටම අපි කව්රුද යන ගැටලුව වෙනදාට වඩා විමසිය යුතුය. 

ඉතින් ඇත්තටම අපි කව්ද? අපි කොහේ සිටද ආවේ? අපි කොහේද යන්නේ? මේ අර්තය විමසීම ප්‍රායෝගික බුදු දහමයි!!!

More than ever before, the world by now is greatly realizing the necessity of the Dhamma.  According to scientists and social analysts, the most difficult task in the 21st century is the understanding of what suffering is.

What happens to me just as to many others is that we eventually are the results of ourselves. The series of incidents which occur constantly, are compulsory challenges that need to be faced by us. We are personally backward in recognizing it. What more can one say about society….

According to my opinion, a person who is immersed in many conflicting views in the world, does not seem to have any idea about this. This tendency strengthens day by day. At some period of time one may be a doctor, an attendant, a patient, or otherwise someone who teaches Buddha Dhamma. But now gradually our physical and mental well-being and responsibilities are becoming mechanical. Under these circumstances we must, more than at any other time question ourselves as to who we are.

Actually, who are we ? From where have we come ? Where are we going ? Practical Buddha Dhamma is an analysis of these meanings!!!


මෙම ලිපිය බෙදා ගන්න